Sunday, July 15, 2012

Life is a bitch..!

මිනුස්සුන්ට එහෙම හිතෙන එකත් පුදුමයක් නෙමෙයි.. මේ කන කට්ටේ හැටියට.. නොකියම බැරි වෙලාවට.. මාත් කියල තියනවා.. එත් ජීවිතේ හරි පුදුමයි.. අපිට ඕනේ හැම දේම හැම වෙලාවේම නොවුනට ඒ හැමදේකම මොකක් හරි සැගවිල තියන හොදක් තියනවා කියල මම ගොඩක් වෙලාවට විස්වාස කරනවා..

වසන්තයේ මල් සුපිපුණ
සුන්දරතාවය ඉහිරුන
හද මඩලට...... කවුදෝ ආවා..

මල්පෙති සිඹ... සිනා රැගෙන...
මල සිඳ බිඳ.... යන්ට ගියා...
හද දුක ගාවා... කවුදෝ ආවා……

හස අංගනාවන් සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහිදෝ බැඳුනේ…..

හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳ කළ ඒ අතීතයේ හීන පැලට
මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

මේ සින්දුව ඔය ගොඩක් අය අහල ඇති, මේ විරහව ඇතුලේ තියන සුන්දරත්වයත් විදලා ඇති.. එත්, මෙතනින් එහාට මොනවා වෙන්නැද්ද කියල ඔයාල හිතල තියනවද? ජීවිතේ විදින හැම දුක් වේදනාවක්ම විදගෙන ඉදියට යන්න අපිට පුලුවන්නම්.. මේක තවත් එක සුන්දර අත්දැකීමක් විතරක් වෙයි.. එත් මේ ජීවිතේ මෙතනින් නැවතුනොත්.. මට මේ සින්දුව කියන කොට මතක් වෙන්නේ බිබී නාස්ති වෙන කොල්ලෙක්.. ආදරේ හින්ද විදවන.. ජීවිතෙයක්.. මේ හැමදෙයක් ඇති වෙන වෙලාවක් එයි.. දුක්ම විදලා ජීවිතේ එපාම වෙන වෙලාවට, අන්න ඒ වගේ වෙලාවට අපි මොනවා කරයිද? සමහරු අල්ල දානවා.. සමහරු ඔහේ ඉන්නවා.. එත් කීයෙන් කීදෙනාද ප්‍රශ්න වලට මුණ දෙන්නේ..

ජීවිතේ කියන්නේ අතරල දන්නා පුළුවන් දෙයක් නෙමෙයි.. මේ කෙටි ජීවිතේ හැම මොහොතක් විදින්න අපිට බැරි උනාට.. හැම තප්පරයක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ.. අන්තිම මොහොත වෙනක මොකුත් අතරල දන්නා එපා.. අවසාන මොහොත වෙනකම් තමන්ගේ ජීවිතේ හමන්ගේ අරමුණු වෙනවෙන් සටන් කරන්න..

Life is a bitch, but don't fuck up..!

Saturday, May 19, 2012

අහසින් වැටුනද මේ... ජීවිතේ.....



හුස්ම එක්ක මරණය තුරුලු කරන
බබරු  ඇවිත් ආයෙත් සිහින අරන්
වල්මත් වුනු සිහිනෙක ගැබුර සොයන්
පළගැටියෝ ඉගිලෙති මරණයේ නිරත් අරන්

ජීවිතේ.. අහසින් වැටුනද මේ... ජීවිතේ.....

පුද කල දේ අවනඩු සිතින් දරා
නුපන් දිනයක ජීවිත සැගව  ගිහින්
නිදි නැති අස් වල සිහිනය දලුලයි
මුල් නැති ගස්  වල ආදරේ පිපෙයි

ජීවිතේ.. අහසින් වැටුනද මේ... ජීවිතේ.....

ඉතිහාසයේ ගිලිහුන චේද අරන්
කුරුමිනියෝ ඉගිලෙති අදුර මැදින්
කේදය තුල සැගවුණු පලිගු රෑන්
උනුත් නොදැන උන් අදුරේ සැගව ගිහින්

ජීවිතේ.. අහසින් වැටුනද මේ... ජීවිතේ.....


ඇත්තටම මේ කියන්නේ අපි ගැනද? ඇයි නැත්තේ? එත් කීයෙන් කීදෙනාද එක පිළිගන්න කැමති. කියවමුද ආයෙත් ඉතිහාස පොත? මුල ඉදන් අගට.. අග ඉදන් මුලට.. කොතනද මග ඇරුනේ. කව්ද මේ ඉතිහාසේ හිස් තැන් පුරවන්නේ. ඇත්තට ඒවා හිස් තැන්ද? කව්ද හිස් තැන් හැදුවේ? මොනවද නැති වෙලා තියෙන්නේ? මොනවා හරි අඩුයි නේද? මොනාද අඩු? ඇයි ඒවා අඩු? කව්ද ඒවා හැන්ගුවේ? කාටද ඒවා හංගන්න ඕනේ උනේ? අපිට මුල මැද අග පටලවිලද? නැත්තම් අපිව පටලේව්වද? අපි ආයෙත් කියවමුද? අග ඉදන් මුලට,මුල ඉදන් අගට.. අපේ ඉතිහාස කතාව, අපේ වර්තමාන කතාවේ ඉතිහාස කතාව.  මේ දේවල් මීට කලින් වෙලා නැද්ද? මේ පලවෙන වතාවද? අපි තම දන්නේ නැ.. එදා මොකද්ද උනේ? අද මොකද්ද වෙන්නේ? හෙට මොනවා වෙනවද? අපි තාම දන්නේ.. අපි හිතන්නේ නැ.. අපිට හිතන්න ඕනේ නැ. විවුර්තව කතා කරන්න බෑ. අපි ප්‍රශ්න කරන්න කැමති නැ. අපි විරෝදය පාන්නේ නැ..

පිස්සෙක් කියනවා...

විරෝදය පැව යුතු තැන විරෝදය නොපාන,
සටන් වදිය යුතු තැන සටන් නොවදින සමාජයක්,
අහසින් වැටුන සමාජයක් ලු...
අප ගත කරන ජීවිතයට වඩා
යහපත් සාදාරන ජීවිතයක්
දින ගත යුතුයි කියා විස්වාස නොකර ජීවිත,
අහසින් වැටුණු ජිවිත ලු..

අපි හිතනවා උට පිස්සු කියල..
ඒ හින්දම උ තාම ජීවත් වෙනවා..
ඒ හින්ද උට තාම පුළුවන් ඒ කතාව බය නැතුව කියන්න.
එත් එක මොහොතකට හිතන්න උ හරි නම්? අපිට වැරදිලා නම්?

Can you please think a little bit?

One of best teledrama, I've ever seen.  Great job by Ananda Abenayaka.


Nice theme song after long time and its summaries the teledrama. What great performance by the team. There are very few dialogs and its gave lot of time to think. Good script, Still I can remember the dialog of his previous teledrama “Jeevithayata idadenna” after five years also. This one also just like that, I really fell in love the characters of Roshan and Aku. Thank god still there are some directors who can make something to watch. After all we’ve something to celebrate. So don’t give still you can find the gems with a single glance.


Monday, October 17, 2011

රාගයද? විරාගයද?



ආදරය හා රාගය අතර වෙනසක් තියෙන්නම ඕනෙද?
ඔය දෙකම එකක් වෙන වෙලාවල් නැද්ද?
ආදරෙන් තොර රාගයක් තිබ්බත්,
රාගයෙන් තොර ආදරයක් තියෙන්නේ පුලුවන්ද?
ප්රේමය නම් රාගයෙන් තොර
සද එළිය සේ අචින්තයි කිව්වට එහෙම එකක් තියනවද?
එහෙම තියනවා නම් එතනත් තියෙන්නේ ආදරේ අඩුවක් නෙමෙයිද?
ආදරේ සම්පුර්ණ වෙන්නේ රාගයෙන් නෙමෙයිද?
පිවිතුරු
ප්රේමය රාගයෙන් තොර උනොත්,
ලෝකෙට පැවැත්මක් තියෙයිද?
අපි හුදෙක් විරාගය පිණිස,
බ්‍රහ්මචය්‍ර්‍යයෙහි වැසිය යුතුද?
රෙද්ද ඔය දෙක පැටලෙන්නේ
මටම විතරද?

Sunday, October 16, 2011

ජීවිතේ.. මට ඕනේ සේරම හම්බුනාද?



අනේ මන්ද.. මම කොලබට අවේ හීන ගොඩක් හිතේ පුරවගෙන.. ඉතින් ඒ හීන ගොඩක් අද එලි වෙලා තියෙන්නේ.. එලි නොවිච්ච හීනත් නැතුව නෙමෙයි, එත් ඒ හීන අලුත් උනා, පරණ ඒවා අල්ල දල අලුත් හීන ජීවත් කරා.. එත් එක දෙයක් ඇරෙන්න මම දැකපු අනිත් සේරම වගේ හීන එලි වෙලා, ඒ දිහා බලද්දී මහා මොකද්දෝ අඩුවක් දැනෙනවා..

ජීවිතේ හැටි, කාලයක් මම හරි අසාවෙන් දැකපු හීන අද එලි වෙලා.. එත් ඒ සේරගේම ලොකු හිස් බවක් තියනවා... හරියට කොලබ හතේ ඉන්න මිනිස්සු වගේ, එළියෙන් මහා තේජසට තිබ්බට ඇතුලේ තියෙන්නේ හිස් ජීවිත, අරමුණක් නැතිව ඔහේ පාවෙලා යනවා.. මමත් ඒ ඒවගේ වෙලාද කියලා මන්ද?

දැන් ඉතින් මම මොකද කරන්නේ.? කන්දක් උඩට වෙලා නිම්න දෙකක් දිහා බලන් ඉන්නවා වගේ.. මම අද එක තැනක නැවතිලා අනේ මම මොකද කරන්නේ කියලා බලන් ඉන්නවා.. මම කොහාට හැරෙනවාද කියලා බලන් ඉන්නවා..? එක නිම්නයක ගමන හරි පහසුයි, එක මට පුරුදු පාරක්, අනික් නිම්නයේ දිගේ පණිවිඩ කාරයෙක් යවල උත්තර එනකන් බලන් ඉන්නවා.. යනවද නැද්ද කියලා තම හිතුවේ නැ.. එක අලුත් පාරක් යන්න ආසයි, දුෂ්කරතා ගොඩක් එයි, එත් උත්තරේ තාම අවේ නැ.. ඉතින් මම දෙපැත්තටම නැතුව ඉන්නවා.. අනේ මන්ද? බලමු මෙතෙක් කාලෙකට මට වැරදුනේ නැ.. ඒ මට වෙච්ච හැම දේම, ඒවා වෙන්න පුළුවන් හොදම විදිහට වුන කියලා හිතන්න මම පුරුදු වෙලා හිටිය හින්ද වෙන්නැති.. ඉතින් මේකත් එහෙමම වෙයි.. මම පුළුවන් උපරිමෙන් කරා.. වෙන දෙයක් උනාවේ.. හැම දේම වෙන්නේ හොදටයි කියනවනේ...

ප.ලි. : මේ කියන්නේ කෙල්ලෙක් ගැන එහෙම නෙමෙයි ඔං...

Thursday, October 6, 2011

මැක් ගේ පහනෙන් Apple බැලීම





මැක් මලා...
ඉතින් මට පාන්ද?
සංසුන් මල්ලිගේ ගැලෙක්සිය
හින්ද වෙච්ච සන්හදියක් කියලා
මං හිතාන උන්නේ..?
පින්තුර අපේ කියලා නඩු
දාපු අය්යලානේ...
බඩේ පර වදිනකොට
බලාන ඉන්නේ කොහොමද ඉතින්?

ඕවා ඔක්කොම හරිය කියමුකෝ,
එත් කොපීටර් වල දුවපු මැක් සොෆ්ට්,
දැහැට නොදැකපු...
අතේ ඇගිලි ගෙවෙනකම් කොටපු
මට මුලිච්චි නොවිච්ච
මැක් මලා කියල
මං මක් කරන්නද?

එහෙ බැලුවොත් මැක් ටෝක්ස්,
මෙහෙ බැලුවොත් මැක් ස්ටේටස්,
මුණු පොත් මුණු නැ මැක් විතරයි,
මෙයා ජාතික වීරයෙක්ද?
විජාතික වීරයෙක් වත්ද?
අපෝ නැ, අපේ ඉතිහාස පොතේ නැ..
මෙයා සොෆ්ට් dial එකක්..
ඒ උනාට අරයා ශෝකක් ප්‍රකාශයකුත් කරලා..
ඉතින් අපේ රටක් වටිනා ජෝ උන්නැහේ
නැති උනදා වත් මෙහෙම හා හුවක් ගියේ නැ නොවැ..
රට කකුලක් හින්ද වෙන්ට..

එහෙමයි කියලා මැක් අය්යලා
තබ දොයිතුවක් කාට වත්
නිකම් නම් දීල නැ ඔං..
බිල් උන්නැහේ නම්
ඔන්න ඔහේ බාගනින්
තොට හොද නම් දාගනින්
පස්සේ මම ගන්නං උබෙන්
කියලා වත් දුන්නා, අකමැත්තෙ හරි..
එත් මෙයා.. අනේ මන්ද..?
මෙයා වීරයෙක් උනේ කොහොමද හැබැට..?

ඔහේ හිටු කියලා
හිටි හිටියේ මෙයාට කඩේ යන්න
අපේ අයට පාන්ද?
නැත්තම් කට්ටියත් එක්කම
මැක් ගේ පහනෙන්
Apple බලනවා වත්ද?
Stay hungry...Stay foolish
-Steve Jobs-
Hats Off steve..
මේකත් තිබ්බේ මුණු පොතේ ඔං
තොප්පිය දාගත්ත ඇයො ඉස්සුවට කමක් නැ..
දාහක් දෙදාහක් උස්සන එකේ
තව දෙතුන් දෙනෙක් ඉස්සුවයි කියලා
වැඩි වෙන එකක් නැ..

Tuesday, October 4, 2011

නුබ

වසන්තේ අග පිපුණු කුසුමකි
හදේ ඇත්තේ ආදරය පමණකි...!

Sunday, September 18, 2011

දුවිලි සුවද

ගං වතුරට පෙගුන හීතල
ගිලිහෙන්න කලියෙන්
ඉඩෝරයක උණුහුම විදිගන්න
එන්න අපිත් එක්ක..

ගිනිගහන අව්වේ..
කකුලට බර තියල
ඉරි තැලුන පොලවට
පය ගහලා බලන්න
ජීවිතේ බර,
දුවිලි සුළග
එකවිට විදගන්න
එන්න අපිත් එක්ක..

දුවිල්ලට වැහුන
ආදරණීය ආත්ම
පිසලන්න එක වැස්සක්
එකම එක පොද වැස්සක්
වැටෙන කන් බලන් ඉන්න
දෙනෝ දාහකට එකතු වෙන්න
විදලා නැත්තම් ඔබත් එන්න
අපිත් එක්ක විදගන්න
දුවිලු සුවද....

Thursday, September 15, 2011

ජීවිතය

කදුල අවසාන
නැගෙන සිනහව
විදි නම් හදවතින්
දුකද සතුටකි
කදුල මිහිරකි
දිවිය සොදුරුයි
හැම කල්.

මම

සත්‍ය සොයා ගොස් චුදිතයකු වීමි
නිදහස සොයා ගොස් සිරගත වීමි
ආදරය සොයා ගොස් උම්මත්තකයකු වීමි
මිනිස්කම සොයා ගොස් නොමිනිසෙකු වීමි.

Wednesday, September 14, 2011

කැමත්ත...

හිතින් පතාගෙන නෙතින් දකින්නට
තවත් පැතුම් නැති නිසා හදේ
මෙයින් මතුව තව දිනක් ඉදින්නට
හදේ කැමැත්තක් නැතුව වගේ...

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සන්කීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

Sunday, September 11, 2011

මගේ දුක

අහෝ මේ වසන්තය
සොදුරියේ මගෙ නෙමෙයි
මේ වැටෙන වැහි දිය
මල් හී සර නෙමෙයි..

තෙත බරිත මුහුනේ
කදුළු සගවනු පහසුයි
වැහි දියෙන් සේදෙන
කදුළු මගේ දුක සගවයි..

ආදරේ නාමයෙන්
හෙලා නෑ කදුලක්
ජීවිතේ නාමයෙන්
හඩා ඇත්තෙමි ඇති තෙක්..

විරහ දුක වේදනා
කියා නෑ කාටවත්
ජීවිතේ විදි වේදනා
අදහන්න බෑ මටත්...

Wednesday, September 7, 2011

(නො) ලැබීම

සීතල දුරුත්තේ දවසක හමුවීමක්
පිණි තැවරිච්ච සුදු අරලිය මල් ඉත්තක්
මදහස නගා කීවම පෙම් කවතාවක්
සීතල කොපුල් උණුහුම් උනි දෙපාරක්

සිත දගකාර මුත් පැතුමන් පිවිතුරුය
නුබේ කවි කාර හිත ලග නෙතු දොඩම්ලුය
පින්සර නුබේ අත මට නැතිවම බැරිය
මගේ පව්කාර දිවියම නුබේ අතවැසිය

නුබ නැති හීනයකදී මට ඇහැරීයන්
නුබ නැති මානයකදී කදුළැලි වැටියන්
නුබ ලග ඉද්දි මගේ ජීවය නුබ වීයන්
නුබ නැති කලෙක මගේ ඇස දෙක පිය වීයන්

පෙරුමන් පිරුවත් සසරේ හැමදාම
දිවිමන් ගෙවන්නට නුබ රැදී සෙවනේම
ඉගිලී නුබේ මල් මතකය ඉරාගෙන
පැතුමන් ගිය උඩු හුළගට ගසාගෙන

නගේ නුබට බැරිවුනි එක වතාවක්
පෙම් කොට තැවෙද්දී මම සිය වතාවක්
අන්තිම හුස්ම පොද ගිලිහෙන වෙලේ වත්
මම ආදරෙයි වත් කියල මුසාවක්....

ප.ලි. ආදරය ප්‍රකාශ කොට කම්මුල් රතු කරගත් අදරවන්තයකුගේ විරහ වේදනාව..

Tuesday, September 6, 2011

උබෙයි මගේයි කතාව...

ගාල්ලෙන් පටන් ගත්ත ගමන වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, කොළබ, නුවර හරහා අයෙමත් කොළබට ඇවිත්... මේ ගෙන්දගම් පොළවෙන් උබට ගැලවිල්ලක් නැ වගේ... මෙහාටම සින්න වෙන්නේ යන්නේ.. පුත්තලම් පාරෙන් උබ අනුරාධපුරේ යන්න ආස විත්තිය මම නොදන්නවා නෙමෙයි.. මේ කොන්ක්‍රීට් වනාත්තරයට වඩා උබේ හිත යන්නේ වන්නි තුලානට කියල මට අමුතුවෙන් කියන්න ඕනේ නැ, එත් උබට යන්න වෙන්නේ නෑ.. හීන දකින එක නවත්තපන්.. හිතට දැනෙන දුකෙන් පොලවේ දුර මනින උබත් එක්ක km ගණන් වලින් දුර කියල වාද කරලා වැඩක් නෑ.. මෙහෙට වඩා උබ එහාට ලග උනත්, උබට යන්න දෙන්න බෑ... එත් උබ දවසක් කිව්වා නේද?

මම ආවේ ආදරේ හොයාගෙන, ජීවිතයක් ගොඩ ගන්න..
එත් මම අනාත උනා.. ආදරෙන් වල මත් උනා..
ජීවිතේ
කාලකන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ..
එකට හිලව් වෙන්න මම උබේ පදේට ඇති වෙන්න නැටුවා..
දැන් මට යන්න දීපන්, එකට වෙන එකෙක් ගනින්..
මේ කොන්ක්‍රීට් වනාත්තරය තිත තියන්න, පිබුරු පත් හදල ඉවරයි මම..
සමුගන්න ඉඩ දීපන්, ජීවිතයට ඉඩක් හොයාගෙන යන්න..
මේ රේස් කරත්තේ උබ ගනින්, ආදරේ විතරක් මට දීපන්..
මම අයෙත් ගමට යනවා.. ජීවිතේ හොයාගෙන..

කෝ උබ ගියද? උබට එක අඩියක් හොලවගන්න පුළුවන් උනාද? උබ යනකම් මම හිටියේ උබට මතක් වස්ත්‍ර පූජ කරන්න.. එත් උබ ගියේ නෑ... අනිතිමේදී උබ මේ ගෙන්ද ගම පොලවට පස් උනා.. අද මම උබේ මතක වස්ත්‍ර පූජ කරන්නේ උබට සමු දෙන්න.. අනේ උබට යන්න දුන්න නම් කියල හිතෙන වර අනන්ත් උනත් දැන් පරක්කු වැඩි..

උබ වගේ හිර වෙලා ඉන්න දෙනෝ දාහකට යන්න ලැබේව කියනවා ඇරෙන්න මට මේ හිත හදාගන්න විදියක් නෑ...

මීට
විරැකියාවෙන්
උබව හැමදාම බය කරපු..
උබේ රැකියාව..
මට සමාවෙයන්..
මමයි උබව තියාගත්තේ.....!