Sunday, September 18, 2011

දුවිලි සුවද

ගං වතුරට පෙගුන හීතල
ගිලිහෙන්න කලියෙන්
ඉඩෝරයක උණුහුම විදිගන්න
එන්න අපිත් එක්ක..

ගිනිගහන අව්වේ..
කකුලට බර තියල
ඉරි තැලුන පොලවට
පය ගහලා බලන්න
ජීවිතේ බර,
දුවිලි සුළග
එකවිට විදගන්න
එන්න අපිත් එක්ක..

දුවිල්ලට වැහුන
ආදරණීය ආත්ම
පිසලන්න එක වැස්සක්
එකම එක පොද වැස්සක්
වැටෙන කන් බලන් ඉන්න
දෙනෝ දාහකට එකතු වෙන්න
විදලා නැත්තම් ඔබත් එන්න
අපිත් එක්ක විදගන්න
දුවිලු සුවද....

Thursday, September 15, 2011

ජීවිතය

කදුල අවසාන
නැගෙන සිනහව
විදි නම් හදවතින්
දුකද සතුටකි
කදුල මිහිරකි
දිවිය සොදුරුයි
හැම කල්.

මම

සත්‍ය සොයා ගොස් චුදිතයකු වීමි
නිදහස සොයා ගොස් සිරගත වීමි
ආදරය සොයා ගොස් උම්මත්තකයකු වීමි
මිනිස්කම සොයා ගොස් නොමිනිසෙකු වීමි.

Wednesday, September 14, 2011

කැමත්ත...

හිතින් පතාගෙන නෙතින් දකින්නට
තවත් පැතුම් නැති නිසා හදේ
මෙයින් මතුව තව දිනක් ඉදින්නට
හදේ කැමැත්තක් නැතුව වගේ...

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සන්කීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

Sunday, September 11, 2011

මගේ දුක

අහෝ මේ වසන්තය
සොදුරියේ මගෙ නෙමෙයි
මේ වැටෙන වැහි දිය
මල් හී සර නෙමෙයි..

තෙත බරිත මුහුනේ
කදුළු සගවනු පහසුයි
වැහි දියෙන් සේදෙන
කදුළු මගේ දුක සගවයි..

ආදරේ නාමයෙන්
හෙලා නෑ කදුලක්
ජීවිතේ නාමයෙන්
හඩා ඇත්තෙමි ඇති තෙක්..

විරහ දුක වේදනා
කියා නෑ කාටවත්
ජීවිතේ විදි වේදනා
අදහන්න බෑ මටත්...

Wednesday, September 7, 2011

(නො) ලැබීම

සීතල දුරුත්තේ දවසක හමුවීමක්
පිණි තැවරිච්ච සුදු අරලිය මල් ඉත්තක්
මදහස නගා කීවම පෙම් කවතාවක්
සීතල කොපුල් උණුහුම් උනි දෙපාරක්

සිත දගකාර මුත් පැතුමන් පිවිතුරුය
නුබේ කවි කාර හිත ලග නෙතු දොඩම්ලුය
පින්සර නුබේ අත මට නැතිවම බැරිය
මගේ පව්කාර දිවියම නුබේ අතවැසිය

නුබ නැති හීනයකදී මට ඇහැරීයන්
නුබ නැති මානයකදී කදුළැලි වැටියන්
නුබ ලග ඉද්දි මගේ ජීවය නුබ වීයන්
නුබ නැති කලෙක මගේ ඇස දෙක පිය වීයන්

පෙරුමන් පිරුවත් සසරේ හැමදාම
දිවිමන් ගෙවන්නට නුබ රැදී සෙවනේම
ඉගිලී නුබේ මල් මතකය ඉරාගෙන
පැතුමන් ගිය උඩු හුළගට ගසාගෙන

නගේ නුබට බැරිවුනි එක වතාවක්
පෙම් කොට තැවෙද්දී මම සිය වතාවක්
අන්තිම හුස්ම පොද ගිලිහෙන වෙලේ වත්
මම ආදරෙයි වත් කියල මුසාවක්....

ප.ලි. ආදරය ප්‍රකාශ කොට කම්මුල් රතු කරගත් අදරවන්තයකුගේ විරහ වේදනාව..

Tuesday, September 6, 2011

උබෙයි මගේයි කතාව...

ගාල්ලෙන් පටන් ගත්ත ගමන වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, කොළබ, නුවර හරහා අයෙමත් කොළබට ඇවිත්... මේ ගෙන්දගම් පොළවෙන් උබට ගැලවිල්ලක් නැ වගේ... මෙහාටම සින්න වෙන්නේ යන්නේ.. පුත්තලම් පාරෙන් උබ අනුරාධපුරේ යන්න ආස විත්තිය මම නොදන්නවා නෙමෙයි.. මේ කොන්ක්‍රීට් වනාත්තරයට වඩා උබේ හිත යන්නේ වන්නි තුලානට කියල මට අමුතුවෙන් කියන්න ඕනේ නැ, එත් උබට යන්න වෙන්නේ නෑ.. හීන දකින එක නවත්තපන්.. හිතට දැනෙන දුකෙන් පොලවේ දුර මනින උබත් එක්ක km ගණන් වලින් දුර කියල වාද කරලා වැඩක් නෑ.. මෙහෙට වඩා උබ එහාට ලග උනත්, උබට යන්න දෙන්න බෑ... එත් උබ දවසක් කිව්වා නේද?

මම ආවේ ආදරේ හොයාගෙන, ජීවිතයක් ගොඩ ගන්න..
එත් මම අනාත උනා.. ආදරෙන් වල මත් උනා..
ජීවිතේ
කාලකන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ..
එකට හිලව් වෙන්න මම උබේ පදේට ඇති වෙන්න නැටුවා..
දැන් මට යන්න දීපන්, එකට වෙන එකෙක් ගනින්..
මේ කොන්ක්‍රීට් වනාත්තරය තිත තියන්න, පිබුරු පත් හදල ඉවරයි මම..
සමුගන්න ඉඩ දීපන්, ජීවිතයට ඉඩක් හොයාගෙන යන්න..
මේ රේස් කරත්තේ උබ ගනින්, ආදරේ විතරක් මට දීපන්..
මම අයෙත් ගමට යනවා.. ජීවිතේ හොයාගෙන..

කෝ උබ ගියද? උබට එක අඩියක් හොලවගන්න පුළුවන් උනාද? උබ යනකම් මම හිටියේ උබට මතක් වස්ත්‍ර පූජ කරන්න.. එත් උබ ගියේ නෑ... අනිතිමේදී උබ මේ ගෙන්ද ගම පොලවට පස් උනා.. අද මම උබේ මතක වස්ත්‍ර පූජ කරන්නේ උබට සමු දෙන්න.. අනේ උබට යන්න දුන්න නම් කියල හිතෙන වර අනන්ත් උනත් දැන් පරක්කු වැඩි..

උබ වගේ හිර වෙලා ඉන්න දෙනෝ දාහකට යන්න ලැබේව කියනවා ඇරෙන්න මට මේ හිත හදාගන්න විදියක් නෑ...

මීට
විරැකියාවෙන්
උබව හැමදාම බය කරපු..
උබේ රැකියාව..
මට සමාවෙයන්..
මමයි උබව තියාගත්තේ.....!