Tuesday, September 6, 2011

උබෙයි මගේයි කතාව...

ගාල්ලෙන් පටන් ගත්ත ගමන වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, කොළබ, නුවර හරහා අයෙමත් කොළබට ඇවිත්... මේ ගෙන්දගම් පොළවෙන් උබට ගැලවිල්ලක් නැ වගේ... මෙහාටම සින්න වෙන්නේ යන්නේ.. පුත්තලම් පාරෙන් උබ අනුරාධපුරේ යන්න ආස විත්තිය මම නොදන්නවා නෙමෙයි.. මේ කොන්ක්‍රීට් වනාත්තරයට වඩා උබේ හිත යන්නේ වන්නි තුලානට කියල මට අමුතුවෙන් කියන්න ඕනේ නැ, එත් උබට යන්න වෙන්නේ නෑ.. හීන දකින එක නවත්තපන්.. හිතට දැනෙන දුකෙන් පොලවේ දුර මනින උබත් එක්ක km ගණන් වලින් දුර කියල වාද කරලා වැඩක් නෑ.. මෙහෙට වඩා උබ එහාට ලග උනත්, උබට යන්න දෙන්න බෑ... එත් උබ දවසක් කිව්වා නේද?

මම ආවේ ආදරේ හොයාගෙන, ජීවිතයක් ගොඩ ගන්න..
එත් මම අනාත උනා.. ආදරෙන් වල මත් උනා..
ජීවිතේ
කාලකන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ..
එකට හිලව් වෙන්න මම උබේ පදේට ඇති වෙන්න නැටුවා..
දැන් මට යන්න දීපන්, එකට වෙන එකෙක් ගනින්..
මේ කොන්ක්‍රීට් වනාත්තරය තිත තියන්න, පිබුරු පත් හදල ඉවරයි මම..
සමුගන්න ඉඩ දීපන්, ජීවිතයට ඉඩක් හොයාගෙන යන්න..
මේ රේස් කරත්තේ උබ ගනින්, ආදරේ විතරක් මට දීපන්..
මම අයෙත් ගමට යනවා.. ජීවිතේ හොයාගෙන..

කෝ උබ ගියද? උබට එක අඩියක් හොලවගන්න පුළුවන් උනාද? උබ යනකම් මම හිටියේ උබට මතක් වස්ත්‍ර පූජ කරන්න.. එත් උබ ගියේ නෑ... අනිතිමේදී උබ මේ ගෙන්ද ගම පොලවට පස් උනා.. අද මම උබේ මතක වස්ත්‍ර පූජ කරන්නේ උබට සමු දෙන්න.. අනේ උබට යන්න දුන්න නම් කියල හිතෙන වර අනන්ත් උනත් දැන් පරක්කු වැඩි..

උබ වගේ හිර වෙලා ඉන්න දෙනෝ දාහකට යන්න ලැබේව කියනවා ඇරෙන්න මට මේ හිත හදාගන්න විදියක් නෑ...

මීට
විරැකියාවෙන්
උබව හැමදාම බය කරපු..
උබේ රැකියාව..
මට සමාවෙයන්..
මමයි උබව තියාගත්තේ.....!

15 comments:

  1. //ජීවිතේ කල කන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ..
    එකට හිලව් වෙන්න මම උබේ පදේට ඇති වෙන්න නැටුවා..\\

    ඒ කෑල්ල මරු

    වර්ඩි වෙරිෆිකේෂන් අයින් කරමුද?

    ReplyDelete
  2. තැන්ක්ස් ලොට් මචෝ.. මුලින්ම මතක වස්ත්‍ර වල comment කරාට..
    වර්ඩි වෙරිෆිකේෂන් ඔන්න අයින් කරා.

    ReplyDelete
  3. නුවරකලාවිය පැත්තට ඔච්චර ආසා මොකෑ?

    ජීවිතේ කල කන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ..
    එකට හිලව් වෙන්න මම උබේ පදේට ඇති වෙන්න නැටුවා.

    මේ ටික නම් නියමයි සහෝ

    ReplyDelete
  4. මමත් ඇවිල්ල නුවරකලාවියේ කොල්ලෙක් හරිය.. හේ හේ .. මට මේ සේරම කලාවන් වෙලා තියෙන්නේ, උතුරයි දකුණයි පැටලිලා තියෙන්නේ.. එත් මම ආසයි.. ඒ අව් කස්ටකේ පිච්චෙන්න.. මේ හද්ද කොලබ A/C යට වෙලේන එකට වඩා මට ඒක සැපක්..

    ReplyDelete
  5. අපිත් පුරේ තමා බ්ලොව්.අදුන ගන්න ලැබීම සතුටක්.එහෙනම් ලියමුකෝ බලන්ඩ අපිත් එන්නම් ඇවිත් යන්න මේ පැත්තේ.

    ReplyDelete
  6. ජීවිතේ කාලකන්නි වෙනකොට මට අරමුණක් දුන්නේ උබ....


    සමුගන්න ඉඩ දීපන්, ජීවිතයට ඉඩක් හොයාගෙන යන්න....

    අරමුනක් ලැබුනට ඒකෙන් ජීවිතේ හිරවෙනවා.... ඒක නියමෙට තියෙනවා... දිගට ලියමු ජය...

    ReplyDelete
  7. අයෙත් අහලා මොනවා කියනවද? බයෙත් බැ... හේ හේ..

    ReplyDelete
  8. @පොඩි මෑන් : අනිවාර්යෙන්.. තැන්කු තැන්කු හොදේ..

    ReplyDelete
  9. ඕං මාත් ආවා. මාත් කාලයක් ගෙන්දගම් පොළවේ ඔට්ටු වෙලා ගමට ගිය ගොබිලෙක්.
    //එත් මම ආසයි.. ඒ අව් කස්ටකේ පිච්චෙන්න.. මේ හද්ද කොලබ A/C යට වෙලේන එකට වඩා මට ඒක සැපක්.. //
    සහතික ඇත්ත!

    ReplyDelete
  10. මටත් යන්න ඕනි ගමට.. මේ රේස් එක ඇතිවෙලා මට..

    ReplyDelete
  11. ඔන්න මමත් මතක වස්ත්‍ර වලට ගොඩ වැදුනා .. මේ පලවෙනි ලියවිල්ලෙන්ම්ම මට මේ බ්ලොග හිතට ඇල්ලුවා ..

    ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
  12. @රාජ් දකුණයි බස්නාහිරයි යාකරන් ඉන්නවලු නේද..? පුළුවන් තරම් ඉක්මනින් ආදරීට ලගට එන්න ලැබේවා කියල wish කරනවා.
    අපි හැමෝම එක ජාතියේ තමා බන් එක කකුලක් එහෙ අනික මෙහෙ.

    ReplyDelete
  13. @පිස්සා පලාමල්ල: තැන්කු තැන්කු හොදේ..

    @හිස් අහස: හිතට වැදුන නම් එච්චරයි...

    ReplyDelete
  14. හේ හේ එහෙනම් උබත් අවා..

    ReplyDelete