Wednesday, September 7, 2011

(නො) ලැබීම

සීතල දුරුත්තේ දවසක හමුවීමක්
පිණි තැවරිච්ච සුදු අරලිය මල් ඉත්තක්
මදහස නගා කීවම පෙම් කවතාවක්
සීතල කොපුල් උණුහුම් උනි දෙපාරක්

සිත දගකාර මුත් පැතුමන් පිවිතුරුය
නුබේ කවි කාර හිත ලග නෙතු දොඩම්ලුය
පින්සර නුබේ අත මට නැතිවම බැරිය
මගේ පව්කාර දිවියම නුබේ අතවැසිය

නුබ නැති හීනයකදී මට ඇහැරීයන්
නුබ නැති මානයකදී කදුළැලි වැටියන්
නුබ ලග ඉද්දි මගේ ජීවය නුබ වීයන්
නුබ නැති කලෙක මගේ ඇස දෙක පිය වීයන්

පෙරුමන් පිරුවත් සසරේ හැමදාම
දිවිමන් ගෙවන්නට නුබ රැදී සෙවනේම
ඉගිලී නුබේ මල් මතකය ඉරාගෙන
පැතුමන් ගිය උඩු හුළගට ගසාගෙන

නගේ නුබට බැරිවුනි එක වතාවක්
පෙම් කොට තැවෙද්දී මම සිය වතාවක්
අන්තිම හුස්ම පොද ගිලිහෙන වෙලේ වත්
මම ආදරෙයි වත් කියල මුසාවක්....

ප.ලි. ආදරය ප්‍රකාශ කොට කම්මුල් රතු කරගත් අදරවන්තයකුගේ විරහ වේදනාව..

No comments:

Post a Comment