Sunday, September 11, 2011

මගේ දුක

අහෝ මේ වසන්තය
සොදුරියේ මගෙ නෙමෙයි
මේ වැටෙන වැහි දිය
මල් හී සර නෙමෙයි..

තෙත බරිත මුහුනේ
කදුළු සගවනු පහසුයි
වැහි දියෙන් සේදෙන
කදුළු මගේ දුක සගවයි..

ආදරේ නාමයෙන්
හෙලා නෑ කදුලක්
ජීවිතේ නාමයෙන්
හඩා ඇත්තෙමි ඇති තෙක්..

විරහ දුක වේදනා
කියා නෑ කාටවත්
ජීවිතේ විදි වේදනා
අදහන්න බෑ මටත්...

4 comments:

  1. තැන්ක්ස්.. ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්..
    පරණ diary එකක් අදිනකොට හම්බුනේ..

    ReplyDelete
  2. ලස්සනයි ලියල තියනව

    ReplyDelete
  3. ලස්සනට ලියල තියනවා කිව්වේ, font එකද ආ?
    හේ හේ... මල් මල්..
    මම ලියපු කවියක් ලස්සනයි කියනකොට එනවා අමුතු ගතියක්..

    ReplyDelete