Sunday, September 18, 2011

දුවිලි සුවද

ගං වතුරට පෙගුන හීතල
ගිලිහෙන්න කලියෙන්
ඉඩෝරයක උණුහුම විදිගන්න
එන්න අපිත් එක්ක..

ගිනිගහන අව්වේ..
කකුලට බර තියල
ඉරි තැලුන පොලවට
පය ගහලා බලන්න
ජීවිතේ බර,
දුවිලි සුළග
එකවිට විදගන්න
එන්න අපිත් එක්ක..

දුවිල්ලට වැහුන
ආදරණීය ආත්ම
පිසලන්න එක වැස්සක්
එකම එක පොද වැස්සක්
වැටෙන කන් බලන් ඉන්න
දෙනෝ දාහකට එකතු වෙන්න
විදලා නැත්තම් ඔබත් එන්න
අපිත් එක්ක විදගන්න
දුවිලු සුවද....

4 comments:

  1. දැන් නම් හොදටම ඇතිවෙලා ඉන්නෙ කෝ වැහි පොදක් නෑනේ තාම

    ReplyDelete
  2. එක නම එහෙම තම ඉතින්...

    ReplyDelete
  3. ලස්සනයි අය්යේ..

    ReplyDelete
  4. වර්ෂා.. අනේ මන්ද? මම මොනවා කියන්නද? මේ නම පිටිපස්සේ මගේ කතා ගොඩක් තියනවා..
    වර්ෂාට ගොඩක් පින්, මේ පැත්තේ ආවට..

    ReplyDelete