Thursday, October 6, 2011

මැක් ගේ පහනෙන් Apple බැලීම





මැක් මලා...
ඉතින් මට පාන්ද?
සංසුන් මල්ලිගේ ගැලෙක්සිය
හින්ද වෙච්ච සන්හදියක් කියලා
මං හිතාන උන්නේ..?
පින්තුර අපේ කියලා නඩු
දාපු අය්යලානේ...
බඩේ පර වදිනකොට
බලාන ඉන්නේ කොහොමද ඉතින්?

ඕවා ඔක්කොම හරිය කියමුකෝ,
එත් කොපීටර් වල දුවපු මැක් සොෆ්ට්,
දැහැට නොදැකපු...
අතේ ඇගිලි ගෙවෙනකම් කොටපු
මට මුලිච්චි නොවිච්ච
මැක් මලා කියල
මං මක් කරන්නද?

එහෙ බැලුවොත් මැක් ටෝක්ස්,
මෙහෙ බැලුවොත් මැක් ස්ටේටස්,
මුණු පොත් මුණු නැ මැක් විතරයි,
මෙයා ජාතික වීරයෙක්ද?
විජාතික වීරයෙක් වත්ද?
අපෝ නැ, අපේ ඉතිහාස පොතේ නැ..
මෙයා සොෆ්ට් dial එකක්..
ඒ උනාට අරයා ශෝකක් ප්‍රකාශයකුත් කරලා..
ඉතින් අපේ රටක් වටිනා ජෝ උන්නැහේ
නැති උනදා වත් මෙහෙම හා හුවක් ගියේ නැ නොවැ..
රට කකුලක් හින්ද වෙන්ට..

එහෙමයි කියලා මැක් අය්යලා
තබ දොයිතුවක් කාට වත්
නිකම් නම් දීල නැ ඔං..
බිල් උන්නැහේ නම්
ඔන්න ඔහේ බාගනින්
තොට හොද නම් දාගනින්
පස්සේ මම ගන්නං උබෙන්
කියලා වත් දුන්නා, අකමැත්තෙ හරි..
එත් මෙයා.. අනේ මන්ද..?
මෙයා වීරයෙක් උනේ කොහොමද හැබැට..?

ඔහේ හිටු කියලා
හිටි හිටියේ මෙයාට කඩේ යන්න
අපේ අයට පාන්ද?
නැත්තම් කට්ටියත් එක්කම
මැක් ගේ පහනෙන්
Apple බලනවා වත්ද?
Stay hungry...Stay foolish
-Steve Jobs-
Hats Off steve..
මේකත් තිබ්බේ මුණු පොතේ ඔං
තොප්පිය දාගත්ත ඇයො ඉස්සුවට කමක් නැ..
දාහක් දෙදාහක් උස්සන එකේ
තව දෙතුන් දෙනෙක් ඉස්සුවයි කියලා
වැඩි වෙන එකක් නැ..

16 comments:

  1. පොඩ්ඩක් විකිපීඩියා එක වගේ කියවල බලන්න. එතකොට තේරෙයි මොනවද කරේ මොනවද නොකරෙ කියල.

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=UF8uR6Z6KLc

    ReplyDelete
  3. ස්ටීව් ජොබ්ස් පොරක් වෙන්න මෙන්න මේ හේතුත් බලපාන්න ඇති. කොහොම වුනත් ඔයා කියලා තියෙන දේවල් මගේ පුද්ගලික අදහස් වලටනම් සම්පූර්ණ විරුද්ධයි. ඔයා මොන විදියේ කම්පියුටර් එකක් මොන මෙහෙයුම් පද්ධතියත් එක්ක පාවිච්චි කළත් ස්ටීව් ජොබ්ස්ගේ දෙයක් වක්‍රාකාරව හරි ඒකේ තියෙනවා.

    අපේ ජෝ උන්නැහේ හැමෝටම රටක් වටින්නෙ නැති වෙන්න පුලුවන්. ඒක එක එක අයගේ කැමැත්තනේ..!

    ReplyDelete
  4. Steve Jobs ගේ වැරද්දක් නොදිකිමි...
    එත් අපේ රටේ මිනිස්සුන්ගේ කඩේ යාම උපහාසය ලක් කර පමණි..
    මම කියන්නේ හදන්නේ මැක් ගේ පහනෙන් Apple බලන්න දගල උන් ගැන..

    ReplyDelete
  5. උඹ විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන්ට,රේඩියෝ එක හොයාගත්ත ගුග්ලි එල්මෝ මාර්කෝනිට,සාපේක්ශතාවාදය හොයාගත්ත අයින්ස්ටයින්ට ගරු කරනවද?මේත් ඒ වගේ වැඩ්ඩෙක්!.දුක ජයගත් මිනිහෙක්.ආදර්ශෙට ගනින්............ :-)

    ReplyDelete
  6. ඔ හෝ ... Steve Jobs අයින්ස්ටයින් වගේ කියලද කියන්නේ...
    ඒගැන නම මට දෙපාරක් හිතල බලන්න වෙනවා.. :D

    ReplyDelete
  7. හැමෝම වලිගෙ පාගාගෙන වගේ... මනුස්සයෙක්ට අගෞරවයක් කලා නෙමෙයි..
    එත් ලංකාවේ කීදෙනෙක් mac book එකක් අතගාල වත් ඇත්ද?
    ඇහැට දැකල ඇත්ද? මම දකින්නේ මෙතැනදී මිනිස්සුන්ගේ අන්ධනුකරණය විතරයි...
    උපහාසයට ලක් කරේ එක...

    ReplyDelete
  8. ලංකාවේ හැමෝම මැක්බුක් එකක් තියා අයිපොඩ් එකක්වත් අල්ලලා නෑ තමා. ඒත් ඇපල් පාවිච්චි කරන අයම නෙවේ නේද ස්ටීව් ජොබ්ස් අගය කරන්නේ. හැමෝගේම ජීවිත වලදී ආදර්ශයට ගන්න චරිත ඉන්නවා වගේ ස්ටීව් ජොබ්ස් කියන්නෙත් ආදර්ශයට ගන්න පුලුවන් චරිතයක්! ඒ විදිහට ස්ටීව් ජොබ්ස් අගය කරන අය ඕනි තරම් ඉන්න පුලුවන්! 

    ReplyDelete
  9. එක හරි යාළුවා.. ආදර්ශයට ගන්නවා නම් ඉතින් මේ ලෝකේ කොච්චර නම් වටිනා මිනිස්සු ඉන්නවද? එත් එහම වෙන්නේ නැ නේ..
    මේක ඇවිල්ල fashion එකක්.. fb skype twitter එක්ක market වෙන fashion එකක්...

    ReplyDelete
  10. Steve Jobs ගැන නම් කතා ගොඩයි..
    එත් සුසේ මහත්තය(http://en.wikipedia.org/wiki/Konrad_Zuse) ගැන දන්නේ කීයෙන් කී දෙනාද?
    මේ ලෝකේ පවතින්නේ මාකට් කරන්න පුළුවන් දේවල් විතරයි.. මිනිස්සු දන්නේත් ඒ දේවල් විතරයි..

    ReplyDelete
  11. තොරතුරු තාක්ෂණය ගෝලීයකරනය වන
    මේ ලෝකයේ ඇපල් කොම්පීතරයක්
    අතින් අල්ලාවත් නැතිදු
    මිනිසෙකු ලෙස නේක දුක් කරදර මැද
    ජීවිතය ජයගත් ජොබ්ස්
    වීරයකු ලෙස දකිමි

    කවුරු කෙසේ කවදා මාකට් කලද නොකලද
    මාකටින් මතම පමණක්
    වීරයන් යැපෙන්නේ නැති බවද සිතමි

    ReplyDelete
  12. ඔයා කියන එකට මම එකග නැ. මේක බලන්න.
    http://sachisblognote.blogspot.com/2011/10/steve-jobs.html

    ReplyDelete
  13. ගොඩක් අය වීරයෝ අදුරන්නේ නෑ වගේ.. මගේ ලෝකෙට ඇතිවෙන්න වීරයෝ ඉන්නවා.. මැක් කියන්නේ මට තවත් එක මනුස්සයෙක් විතරයි.. ලංකාවට වීරයොත් ආනයනය කරනවා වගේ පෙන්නේ..

    ReplyDelete
  14. ඔක්කොම හරි
    මතකවස්ත්‍ර උඹත් හරි

    නමුත් හැමෝම තේරුම් අරන් තියනවා වැරදි. ජොබ්ස් කියන්නේ තවත් වැඩ කාරයෙක් තමයි. නමුත් මුණු පොතේ ඉන්න ගිරවු වගේ නෙවෙයි මෙතන ඉන්න bloggers ලා මතකවස්ත්‍ර කිවේ ඒ අය ගැන. පාවෙන තොප්පි අපි දා ගන්න ඕන නැ. අපි ජෝබ්ස්ට ගරු කරන්නේ පරිගණක ශේස්ත්‍රයට කරපු සේවය නිසයි. ඒ ගැන දන්නා අපේ ගරු කිරීමයි. facebook ගිරවුන්ගේ කියවිල්ලයි දෙකක්.

    ReplyDelete
  15. උබේ කතාව හරි නිශාන්ත,
    මාත් ඒ කතාව පිලිගන්නවා..

    ReplyDelete